පෙර සුදානම ගැන ඔස්ට්‍රේලියාවේ ප්‍රසාදය

ස්වභාවික ආපදාවන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කරන වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය ප්‍රශංසාව පළ කර තිබේ.

පුර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ඇතුළු ස්වභාවික ආපදාවන්ට ප්‍රතික්‍රියා දැක්වීම සඳහා ගනු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔසට්‍රේලියා රජය මෙලෙස ප්‍රශංසාව පළ කර ඇති බව සඳහන්ය.


එසේම ඉන්දීය සාගරය ආශ්‍රිතව ඇතිවු සුනාමි ව්‍යවසනයෙන් වසර 10 ක් ගතවීම සඳහා පවත්වන ලද අනුස්මරණ උත්සවයක් අමතමින් මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් රොබින් මුඩි මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.


ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනයට මුහුණ දුන් ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙරට රජය කඩිනම් පියවර ගෙන ඇති බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය ප්‍රකාශ කර ඇත.


2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඇති වු සුනාමි ව්‍යසනය හේතුවෙන් මෙරට පුද්ගලයින් 35,000 ක් පමණ මියගිය අතර තවත් ලක්ෂ 04 කය ආසන්න පිරිසක් අවතැන් වුණි.


එම අවතැන්වු පිරිස් සඳහා අවශ්‍ය මානුෂීය සහය සැමවිටම ලබාදීමට ඔස්ට්‍රේලියානු රජයද කැපවීමෙන් කටයුතු කරන බව මහකොමසාරිස් රොබින් මුඩි මහත්මිය පැවසුවේය.


මේ අතර සුනාමි ව්‍යසනය සිදුවී දස වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික සුරක්ෂිතතා දිනය මෙවර හම්බන්තොට දී පැවැත්වෙයි.



Post a Comment