බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කර ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ඩීසල් මිල අඩුකිරීම හේතුවෙන් බස් ගාස්තු අඩු කළ හැකිද යන්න සොයා බැලීම සිදුකරන බවයි.
මේ වනවිට ඩීසල් ලීටයරක මිල රුපියල් 10 කින් අඩු වී තිබේ.
බස් ගාස්තු ගණනය කීරීමේ ජාතික ප්‍රතිපත්තියට අනුව බස්ගාස්තු සංශෝධනය සම්බන්ධව අමාත්‍යංශය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ වනවිට සාකච්ජා ආරම්භ කර ඇති බව සී.බී රත්නායක මහතා සඳහන් කළේය.
බස්හිමියා සහ බස්මගියා ආරක්ෂා වන පරිද්දෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතය.
කෙසේ වෙතත් තෙල් මිල අඩු කළද බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පසුගියදා පවසා තිබුණි.

Post a Comment