වඳුරඹ ස්ථානාධිපති දකුණු පළාත් සභාවත් කළඹයි

වඳුරඹ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ සිදුවීම මුල්කරගනිමින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් දකුණු පළාත් සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

අද පෙරවරුවේ සභාව රැස්වු අවස්ථාවේ ස්ථානාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් පළ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


පොලිස් ස්ථානාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රසාදය පළ කර ඇති අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව කරුණු දක්වා ඇති බව සඳහන්ය.


තමාට එල්ල වූ පීඩනය හමුවේ ධුරයෙන් ඉවත් වන බව වදුරඹ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කීර්තිසිංහ ලියනගේ මහතා ඊයේ පැවසීය.



Post a Comment