මෛත්‍රීගේ වේදිකාවට වෙඩි තැබීම - සැකපිට දෙන්නෙක් අත්අඩංගුවේ

වැල්ලම්පිටිය, උමගිලිය ක්‍රීඩාංගණයේ ඉදිකර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදීකාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන මැතිවරණ විශේෂ ඒකකය මඟින් සිදු කළ වැටලීමක දී ඊයේ රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් ක‍ළේය.


පෙරේදා මැදියම් රෑ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර ඩිපෙන්ඩර් රථ දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකළ බව වාර්තා විය.


එසේම එම සිද්ධියේදී රාජකාරී හරි හැටි නොකළැයි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ සේවයද අත්හිටුවිණ.



Post a Comment