හෙද සේවකයින් 30දා වර්ජනයක් කැඳවයි

වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ හෙද නිලධා‍රීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ලබන 30 වන දින දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාක්මක කරන බවයි.


කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ හෙද නිලධාරීන්ගේ අදාළ ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.


එම චක්‍රලේඛය අද දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේය.



Post a Comment