ගල්නෑව සභාපති රිමාන්ඩ්

ගල්නෑව, කලන්කුට්ටිය, මාවත්තේගමදී එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය 16 වැනිදා සංවිධානය කර තිබූ රැස්වීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමත්, යතුරුපැදිවලට සහ රථ වාහනයකට හානි කිරීමත් යන චෝදනා මත ගල්නෑව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධාන මන්ත්‍රී ඩබ්ලිව්.එම්.චන්ද්‍රතිලක මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිපදෙනෙකු ද සභාපතිවරයා ඇතුළුව අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



Post a Comment