දිස්ත්‍රීක්ක 11ට නායයාමේ අනතුරු ඇඟවීම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 11 කට නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.


මෙහිදී කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ මල්ලවපිටිය, රිදීගම සහ මාවතගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතත් එය කුරුණෑගල දිස්ති‍්‍රක්කයටම බල නොපාන බව ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණ සංවිධානය කියයි.


එසේම හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ වලස්මුල්ල සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම සෙසු දිස්ත්‍රීක්කවල කඳුකර බෑවුම් සියල්ලටම පාහේ වර්ෂාවෙන් බලපෑම් ඇති විය හැකි බව එම සංවිධානය සඳහන් කරයි.



Post a Comment