රැන්කින් යයි - ඩොයිස් එයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධුරය සඳහා ජේම්ස් ඩොයිස් මහතා පත්කර තිබේ.

ජෝන් රැන්කින් මහතාගෙන් පසුව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධුරය සඳහා ඔහු පත් කර ඇති බව සඳහන්ය.


ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් රාජ්‍යයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා ලෙස ලබන වසරේ අප්‍රේල් මාසයේ ජේම්ස් ඩොයිස් වැඩ බාරගැනීමට නියමිතය.


1995 වසරේ දී බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේ සේවයට බැඳී ඇති ඔහු පේරු රාජ්‍යයේ තානාපතිවරයා ලෙස ද මෑත කාලීනව කටයුතු කර ඇත.


එංගලන්තය නියෝජනය කරමින් දකුණු ආසියානු සහ යුරෝපානු සංගම්වල සේවය කර ඇති ජේම්ස් ඩොයිස් මහතා රුසියාවේ සහ කොළොම්බියාවේ ද සේවය කර තිබේ.



Post a Comment