තහනම් ආම්පන්නවලින් වැඩගත් ධීවරයින් 8ක් දැලේ

තහනම් ධීවර ආම්පන්න භාවිතයෙන් මසුන් ඇල්ලීමේ නිරත වු ධීවරයින් අට දෙනෙකු කල්පිටිය මාම්පුරි වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බත්තලන්ගුණ්ඩුව දූපතේ සිට සැතපුම් හතරක් පමණ දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයේ අදාළ ධීවරයින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති බව සඳහන්ය.


රජය විසින් තහනම් කර ඇති ලයිලා, සුරුක්කු නම් වු දැල් භාවිතයෙන් ඔවුන් මසුන් ඇල්ලීමේ නිරත වී ඇති බව වාර්තා වේ.


ඔවුන් අද (19) කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Post a Comment