ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 350ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඔවුන් සඳහන් කළේ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ පැමිණිලි 30ක් ඒ අතර වන බවයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 320ක් ලැබී තිබේ.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 54කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 26ක් ලැබී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 20ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
රාජ්‍ය දේපළ අයථා පරිහරණය, රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතු සඳහා යෙදවීම, රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීම සහ උසස් වීම් ලබාදීම, නීති විරෝධී මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබේ.

Post a Comment