පැය හතරක්වත් නෑ - පොරොන්දු ඉටුවෙයි - වර්ජනය අවසන්

සිය ඉල්ලීම් දින වකවානු සහිතව ඉටුකිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ඇතුළු බලධාරීන් ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හළ බව ගුවන්තොටුපල නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පවසයි.

ඒ අනූව ගුවන් තොටුපළේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි ඉටු කිරීමට සුදානම් බව හෙතෙම කියයි.


ඉල්ලීම් 5ක් මුල් කරගනිමින් ගුවන්තොටුපළ නිදහස් සේවක සංගමය අද පෙරවරු 9 සිට වර්ජනයක් ආරම්භ කරන ලදී.


මේ නිසා ගුවන් ගමන් වලට ද බාධා එල්ල විණ.


රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීම, වෛද්‍ය රක්ෂණාවරණය ක්‍රමවත් කිරීම, සේවක ණය මුදල් ලබාදීම , ගුවන්තොටුපළ ආරක්ෂක ප්‍රධානියා ඉවත් කිරීම සහ සේවකයින්ට විවේකාගාර ලබාදීම මොවුන්ගේ ඉල්ලීම් විය.



Post a Comment