මෙරට අධිකරණ තීන්දුවට එරෙහිව ඉන්දියාවේ උද්ඝෝෂණ

ඉන්දීය ධීවර පිරිසකට මෙරට අධිකරණයක් මගින් මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියවේ තමිල්නාඩුවේ උද්ඝෝෂණ පවත්වා තිබේ.

තමිල්නාඩුවේ ස්ථාන කිහිපයක මෙම විරෝධතා පැවැත්වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


අදාළ තීන්දුවට එරෙහිව ඉන්දීය මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් ඇපෑලක් ගොනු කළ යුතු බව ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර සංවිධානය පවසයි.


එම සංවිධානය පවසන්නේ අධිකරණය හමුවේ ඉන්දීය ධීවරයින්ගේ නිර්දෝෂීභාවය සනාථ කොට ඔවුන් නිදහස් කර ගැනීමට ඉන්දීය රජය පියවර ගත යුතු බවයි.


ධීවර වෙස් ගෙන ඉන්දියාව සහ ලංකාව අතර මත් කුඩු ජාවාරමේ නිරතවු බවට එල්ල වු චෝදනා සනාථවීම හේතුවෙන් කොළඹ මහාධිකරණය ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකු ඇතුළු 08 දෙනෙකුට පසුගිය දා මරණ දඬුවම නියම කළේය.


චෙන්නායි, කුම්බකෝම්, ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම විරෝධතා පැවැත්වී තිබේ.


විරෝධතාකරුවන් චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයටද ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව සඳහන් වෙයි.



Post a Comment