නැගෙනහිර තෙල් සෙවීමට සමාගම් කැමැත්ත පළ කරයි

නැගෙනහිර මුහුදු තීරයේ ඛණිජ තෙල් දත්ත ගවේෂණය කිරීම සඳහා සමාගම් කිහිපයක කැමැත්ත පළ වී ඇති බව ඛණිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසයි.

ඊට අමතරව මන්නාරම් ද්‍රෝණියේ එක කොටසකට සහ කාවරි ද්‍රෝණියේ ගවේෂණ කොටස් 02 කට තෙල් සමාගම් විසින් ටෙන්ඩර් ඉදිරිපත් වී ඇති බව ඛණිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ප්‍රීනි විතානගේ මහත්මිය පැවසුවේය.


දැනට මන්නාරම් ද්‍රෝණියේ සොයාගත් ගෑස් නිධි වලින් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ පිළිබඳ ගණනය කිරීම් සිදුකරමින් පවතින බව ප්‍රීනි විතානගේ මහත්මිය පෙන්වා දුන්නේය.



Post a Comment