කන්ටේනර් රථ රියදුරන්ගේ විරෝධය නිමයි

වරාය රේගු සහ ආරක්ෂක නිලධාරීන්ගේ ක්‍රියා කලාපයට විරෝධය පා කන්ටේනර් රථ රියැදුරන් හා සහයකයින් ඉඟුරුකඩේ මංසන්ධියේදී වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් ආරම්භ කළ විරෝධතාවය අවසන් බව මහාමාර්ග වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රේගු අධ්‍යක්ෂ, වරාය අධිකාරියේ සභාපති ආදීන් සමග සිදුකළ සාකච්ඡා පලදරා ඇති බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රි මහතා කියා සිටියි.


වරාය තුළට කන්ටේනර් රථ ඇතුළු කිරීමේදී පැය 09 ක කාලයක් ප්‍රමාද වන බවත්, එම කාලය පැය 1ක කාලයක් දක්වා අඩුකර දීමට බලධාරීන් එකඟවූ බවත් කළුතන්ත්‍රි මහතා පෙන්වාදුන්නේය.


ඒ අනුව කන්ටේනර් මතට නැඟ වරායේ කන්ටේනර් රථ රියදුරන් රාත්‍රීයේ මෙම විරෝධතාවය ආරම්භ කළ අතර එහිදී ඔවුන් විරෝධතා පුවරු ගිනි තබන අයුරුද දැකගත හැකිවිය.


පවත්නා වාතාවරණය යටතේ ආමර්වීදියේ සිට ඉඟුරු කඩේ මංසන්ධිය හා පෑලියගොඩ දක්වා දැඩි රථවාහන තදබදයක් පැවති නමුත් මේවන විට තම ඉල්ලීම් ලබාදීම නිසා අදාළ විරෝධතාවය අත්හිටුවීමට ක්‍රියා කළ බව කළුතන්ත්‍රි මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment