අතුරුදහන් වූ ජර්මන් කත හමුවෙයි

හුන්නස්ගිරිය, දෝතුරුකන්ද තරණය කිරීමට ගොස් අතුරුදන් වු ජර්මානු ජාතික කාන්තාව සොයාගැනීමෙන් පසු මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඊයේ(25) පස්වරුවේ ඇය සොයාගත් බවයි වාර්තා වෙයි.


සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ද යොදා ගැණුනි.


78 හැවිරිදි අදාළ කාන්තාව තුවාල සහිතව වැටී සිටියදී සොයාගත් බව පොලීසිය පැවසුවේය.


12 දෙනෙකුගෙන් යුත් විදේශිකයන් පිරිසක් දෝතුරුකන්ද තරණය කිරීමට ගොස් තිබු අතර එම කාන්තාව ඇතුළු කිහිපදෙනෙකු කන්දතරණය කිරීමට අපහසු බව පවසමින් යළි පැමිණෙන අතරවාරයේ දී අතුරුදන්ව තිබුණි.



Post a Comment