ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට මෙරටට පැමිණෙන ලෙසට නිල වශයෙන් ආරාධනා කිරීම ජනාධිපතිවරයාගේ සංචාරයේ අරමුණය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ලබන ජනවාරි 13 වන දා මෙරට සංචාරයක නිරත වන බවට මේ වනවිට තහවුරු කර තිබේ.
මේ අතර ජනාධිපතිවරයා සෙනසුරාදා දක්වා සංචාරය ක්‍රියාත්මක කරන අතර එහිදී වතිකානු නිලධාරීන් රැසක් හමුවී සාකච්ජා පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවක් පැවැත්වීමට ද නියමිතය.
මේ අතර ජනාධිපතිවරයා සමඟ වතිකානුව බලා පිටත්ව යන නියෝජිත පිරිස සමඟ තමන්ද සහභාගි වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පවසයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ තමාගේ සංචාරයට එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ද අනුමැතිය හිමි වන බවයි.
මීට පෙරත් ජෝන් අමරතුංග මහතා පක්ෂයේ අවසරය මත ජනපති සමග විදේශ ගතව තිබුණි.
Post a Comment