සහය පළ කිරීම ගැන තවමත් තීරණයක් නෑ

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් සහය පළ කරන්නේ කුමන පාර්ශවයකට ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නව සම සමාජ පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ මේ පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍යය වාර්තා ප්‍රචාරය වෙමින් පවතින බවයි.


නව සම සමාජ පක්ෂයේ මහලේකම් වික්‍රමබාහු කරුණාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව එම පක්ෂය සඳහන් කරයි.


එය පක්ෂ මහ ලේකම්වරයාගේ පෞද්ගලික අභිමතය පරිදි සිදුව ඇති බවත්, පක්ෂය විසින් ගත් තීරනයක් නොවන බවත් නව සම සමාජ පක්ෂය එම නිවේදනයෙන් පෙන්වා දෙයි.


කෙසේ වෙතත් නව සම සමාජ පක්ෂය මේ වන විටත් වාමාංශික දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීමට එකඟතාව පළකර ඇති බව එම පක්ෂය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වැඩිදුරටත් සඳහන් වෙයි.



Post a Comment