කිඹුලා සමග පොර බැදූ මිනිහා ජීවිත සටනින් පරදී

කතරගම, ගාමිණීපුර ප්‍රදේශයේ දී කිඹුලෙකුගේ සපාකෑමට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා ප්‍රදේශයේ ඩෝෂන් වැවේ දියනාමින් සිටිය දී කිඹුලාගේ ග්‍රහණයට හසුව ඇති බව සඳහන්ය.


කිඹුලාගේ සපාකෑමට ලක්ව බරපතළ තුවාල ලැබු පුද්ගලයා කතරගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.


මියගොස් ඇත්තේ 62 හැවිරිදි කතරගම ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


පශ්චාත් මරණ පරීක්ෂණය අද කතරගම රෝහලේ දී සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment