මහියංගනයේ සිසුන් 38ක් රෝහලේ

මහියංගනය ජාතික පාසලේ සිසු සිසුවියන් 38 දෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ.

පාවිච්චියට නොගන්නා පංති කාමරයක් ඊයේ දහවල් කාලයේ දී පිරිසිදු කිරීමේ දී එහි තිබු විෂ ද්‍රව්‍යයක් ශරීර ගත වීමෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.


කෙසේ වෙතත් මේ වන විට සිසුන් 31 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් සිසුවියන් 07 දෙනකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවේය.


මහියංගනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment