ඉන්දීය ධීවරයින් 4ක් මාට්ටු

මෙරට මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ උතුරු මුහුදු ප්‍රදේශයේ දි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


ඩෙල්ෆ් නාවික හමුදා කදවුරේ නිලධාරින් පිරිසක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම ධීවරයින් පැමිණි බෝට්ටුව සහ ධීවරයින් පිරිස ඩෙල්ෆ් පොලිසිය වෙත බාර දී ඇති බව සඳහන්ය.


මොවුන් ඉන්දියාවේ රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.


මෙම ධීවරයින් අද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment