ඔවුන්ගේ එම යහපත් ක්‍රියාව වෙනුවෙන් ඇගයීමි පිරිනැමීම කිලිනොචිචි ආරක්ෂක සේනා මූලස්ථානයේදි කිලිනොචිචි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) සිදුකෙරුණි.
මාන්කුලම ප‍්‍රදේශයේ සේවයේ නියුතු 57 සේනාංකයට අයත්, 3 වන ගජබා රෙජිමේන්තු නිලධාරීන් ඔක්තෝම්බර් 02 වැනිදා සිය කඳවුරු භූමිය අවට ප‍්‍රදේශයේ පවිත‍්‍රතා කටයුතු සිදු කරමින් සිටියදී ප‍්‍රදේශවාසි කාන්තාවක් සිය දරුවා ළිඳට වැටී ඇති බවත්, දරුවා බේරාදෙන ලෙසත්, හඬා වැළපෙමින් අදාළ නිලධාරීන්ගෙන් උදව් ඉල්ලා ඇත.
ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ කෝප‍්‍රල් එම්.ඩබ්.විජිත පෙරේරා (167022 ) හා කෝප‍්‍රල් ඩී.එමි.ලීලාරත්න (467898 ) යන දෙදෙනා ළිඳට පැන ශිවකුමාර් සින්දුජන් නමැති දරුවා ළිෙඳන් ගොඩගෙන ප්‍රථමාධාර දී දරුවාට පෙවී තිබුණ වතුර ඉවත්කොට දරුවාගේ දිවි බේරාගැනීමට සමත් ව තිබේ.
ඡායා රූ - මාධව කුලසූරිය

Post a Comment