කුණාටුවට හසුවූ ධීවරයින් හා යාත්‍රා නිරුපද්‍රිතයිලු

ජාත්‍යන්තර මුහුදේ දී කුණාටුවකට හසුවූ බව කියන මෙරට ධීවරයින් පිරිසක් සහ ඔවුන්ගේ යාත්‍රා නිරුපද්‍රිතව තිබෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ ධීවරයින් මියන්මාරයට මුහුදු සැතපුම් 90 ක් දුර මුහුදේ සිටින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ධීවර යාත්‍රා 33 ක් මෙලෙස අදාළ මුහුදු ප්‍රදේශයේ තිබෙන බව ද සඳහන්ය.


දකුණු මුහුදු තීරයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය අදාළ ධීවර යත්‍රා ජාත්‍යන්තර මුහුදු සිමාවේ දී කුණාටුවකට හසුවී තිබේ.


ඒ අනුව අදාළ ධීවර යාත්‍රා බේරා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස මියන්මාරයට සහ බංග්ලාදේශයට ශ්‍රී ලංකා රජය ඊයේ දැනුම්දී ඇත.


ඒ අනූව මෙම ධීවර යාත්‍රා බේරා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව අදාළ රටවල් මේ වන විට දැනුම් දී තිබේ.


එහෙත් මෙම ධීවරයින් පවසා ඇත්තේ තමන් මියන්මාරයට යාමට සුදානම් නොමැති බවත් මුහුදේ රළු ස්වභාවය පහව ගිය පසු යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්ය.



Post a Comment