ගින්තොට ඩිපෝවේ ගින්නක්

ගාල්ල, ගින්තොට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ ගින්නක් හටගෙන ති‍බේ.

වායු සිලින්ඩර් දෙකක් පිපිරී ගොස් අදාළ ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවේය.


ගාල්ල ගිනි නිවන ඒකකය විසින් එම අවස්ථාවේදීම අදාළ ස්ථානයට පැමිණ ගින්න මැඩ පවත්වා‍ ඇති බව වාර්තා වෙයි.


ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Post a Comment