ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ ප්රචාරක කටයුතු සිදුකරමින් සිටින අතරතුර පසුගිය දා අනතුරට ලක්ව තුවාල ලබා සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් ඡන්ද ප්රචාරක කටයුතු වල යෙදෙමින් සිටින අතරතුර බණ්ඩාරවෙල නගරයේ දි පසුගිය මස 17 වැනිදා මෙම අනතුර සිදුවුණි.
පිටුපසින් පැමිණි ජිප් රථයක් සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසකගේ ගැටී නොනවත්වා ධාවනය වූ අතර එහිදී එක් අයෙකු මියගොස් තවත් 31 දෙනෙකු තුවාල ලැබුහ.
බදුල්ල රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඉන් එක් අයෙකු අද උදෑසන මෙලෙස මියගොස් ඇත.
මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.
Post a Comment