අම්පාරේ පොලිස් ලොක්කන් හිරේට

අත්අඩංගුවේ පසුවු සැකකරුවන් දෙදෙනෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ සිද්ධියකට වරදකරු වු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිරදඬුවම් නියම වී තිබේ.

බදුල්ල මහාධිකරණ විනිසුරු සම්පත් බී. අබේකොන් මහතා විසින් ඊයේ (07) එම පොලිස් නිලධාරීන් දෙදෙනාට වසර 04 බැගින් සිරදඬුවම් නියම කර ඇති බව සඳහන්ය.


2003 වසරේ මහියංගනය, පහරගම්මන ප්‍රදේශයේ දී ගංජා ළග තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුට අදාළ පොලිස් නිලධාරින් දෙදෙනා විසින් පහර දී ඇති බව වාර්තා වේ.


එම පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා විට අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා මහියංගනය පොලිසියට අනුයුක්තව සේවය කර ඇති බව සඳහන්ය.


මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ මේවන විට අම්පාර පොලිසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන නිලධාරියාට හා සහ එම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන නිලධාරියාටය.



Post a Comment