ලෝක හොරු 3ක් මාට්ටු

ව්‍යාජ මුදල් ආයතනයකින් ණය ලබාදෙන බව පවසමින් වංචාසහගතව මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු වැලිගම, තෙලිජ්ජවිල ප්‍රදේශයේ දී අත්ඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශවාසින් රවටා ණය ලබාදීම සඳහා රක්ෂණ දීමනා, ඉල්ලුම් පත්‍ර දීමනා ඇතුළු ලියකියවිලි සඳහා බව පවසමින් සැකකරුවන් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


සැකකරුවන් දොම්පේ පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අදාළ සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් පැමිණිලි 25ක් පමණ පොලිසියට ලැබී ඇති බව ද සඳහන්ය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාතර මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment