හම්බන්තොට 20 කොළණිය ප්රදේශයේ සුසාන භූමියක් පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටි පිරිසකට දෙබර ප්රහාරයක් එල්ල වී තිබේ.
සුසාන භූමියේ ගසක තිබු දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් ඔවුන් ප්රහාරයට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.
දෙබර ප්රහාරයට ලක් වුවන් අතර කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු වන බව වාර්තා වේ.
ඔවුන් මේ වන විට ප්රතිකාර සඳහා හම්බන්තොට රෝහට ඇතුළත් කර ඇත.
Post a Comment