උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියට ආසන්න ඉඟුරුඔය ප්රදේශයේදී මැදිරියක් පීලි පැන තිබේ.
ආපදා දුම්රියක් මෙලෙස පීලි පැනිමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයටත් බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයත් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.
මේ අතර පීලි පැනීමට ලක් වූ ආපදා දුම්රිය යළි පිළිගත කිරීමේ කටයුතු මේ වන විටත් අවසන්ව නොමැති බව වාර්තා වෙයි.
Post a Comment