ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වු ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(26) රාත්‍රියේ තමිල්නාඩු මල්ලාපුරම් මුහුදු ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ධීවරයින් පැමිණි යාත්‍රාව ද ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් භාරයට ගෙන තිබේ.
එම යාත්‍රාවේ මාළු කිලෝ ග්‍රෑම් 1000 ක පමණ ප්‍රමාණයක් ද තිබි ඇති බවද සඳහන් වෙයි.
අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස තමිල්නාඩු පොලිසිය වෙත භාර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත මේ වසරේ ගත වු කාලය තුළ ශ්‍රී ලාංකික ධීවරයින් 181 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර යාත්‍රා 34 ක් ඉන්දීය බලධාරීන් භාරයට ගෙන තිබේ.
Post a Comment