ඡන්ද හිමි නාම ලේඛනයේ නම නැත්නම් මොකද කරන්නේ?

සැප්තැම්බර් මස 30 වන දින වනතුරු 2014 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පතක් http://ift.tt/1Dv8JOj වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එම වෙබ් අඩවියට පිවිසීමෙන් පසු තමාගේ දිස්ත්‍රීක්කය හා ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් තමාගේ නම ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි වී ඇති බව තහවුරු කර ගත හැකි බව හෙතෙම සඳහන් කරයි.


එසේ නොමැතිනම් 2014 ඡන්ද හිමි නාමලේඛනයේ මුද්‍රිත පිටපතක් 30 වන දින වනතුරු ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රා.ලේකම් කාර්යාලවල හා පළාත්පාලන ආයතනවල ප්‍රදර්ශනය කෙරෙන බවද ඔහු සඳහන් කරයි.


යම් කිසිවෙකු ලියාපදිංචි වී නොමැති බව තහවුරු වුවහොත් ඔහුට හෝ ඇයට සැප්තැම්බර් මස 30 ට පෙර ග්‍රාම නිලධාරි කාර්යාල මගින් අයදුම්පත් ලබාගෙන දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලවලට යොමු කිරීමෙන් 2014 ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළුවීමේ හැකියාව පවතින බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment