පියා සිය පුතු ඝාතනය කරයි

නාගොඩ, රුක්අත්තනගොඩ, වාඩුවැලිවිට ප්‍රදේශයේදී පියෙකු විසින් සිය පුත්‍රයා ඝාතනය කර තිබේ.

ඊයේ(21) රාත්‍රි 08.00 ට පමණ තියුණු ආයුධයකින් පහරදි මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


සිය පියා සමඟ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම ඝාතනයට හේතු වී ඇති බව සඳහන් වෙයි.


සිද්ධියට අදාළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු අත්ඩංගුවට ගැනීම සඳහා නාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment