නෝර්වුඩ් ජනයා බීමට වතුර ඉල්ලා පාරේ

පානීය ජල ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා හැටන්, නෝර්වුඩ් ප්‍රදේශයේ ජනතාව සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

හැටන් නෝර්වුඩ් දෙමළ මහා විද්‍යාලය ඉදිරිපිට ඔවුන් සත්‍යග්‍රහයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු කියා සිටියේය.


2005 වර්ෂයේ පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කළ ද එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බව එම ජනතාව කියයි.


පානිය ජලය නොමැති වීමෙන් ප්‍රදේශයේ පවුල් 1000ක් පමණ පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


ඡායා රූ - රංජිත් රාජපක්ෂ



Post a Comment