දින 08ක් වසසැති බිළිඳෙකු මුදලට විකිණීමේ ජාවාරමක් සිදුකළ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර බිළිඳාගේ මව, පියා, බිළිඳා මිල දී ගත් විවාහක යුවළ සහ විකිණීමට සහය දුන් තවත් කාන්තාවන් දෙදෙනෙකු වන බව පොලිසිය පැවසුවේය.
අදාළ කාන්තාව පසුගිය 24 වනදා රාගම රෝහලේ දී පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති අතර මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනකු විසින් එම බිළිඳා මවගේ කැමැත්ත ඇතිව විකුණා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඔවුන් විසින් අදාළ බිළිඳාව රුපියල් 50,000ක මුදලකට උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි යුවළකට විකුණා ඇති බවට පොලිසිය සිදුකළ පරීක්ෂණ වල දී අනාවරණය වී ඇත.
Post a Comment