මාර ගහක් වැටී 3ක් රෝහලේ - මෝටර් රථ12ටත් හානි

බොරැල්ල - කිංසි පාරේ මාර ගසක් මුලින්ම ඉදිරි වැටීම නිසා පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත්, මෝටර් රථ 12ට පමණ හානි සිදුව ඇති බවත්, පොලීසිය කියයි.

තුවාල ලැබූ අය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර අද පස්වරු‍ 1.15ට පමණ මෙම අනතුර සිදුව ඇත.


අනතුරත් සමග රථවාහන තදබදයක් ද හටගෙන ඇති අතර ගස ඉවත් කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.



Post a Comment