ගංජා සමඟ අයෙක් දැලේ

ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු යාපනය, ඔට්ටුමඩම් හන්දිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අඩංගුවට ගෙන තිබේ.

යාපනය ප්‍ර දේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා දියත් කළ මෙහෙයුමක් අතරතුර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී ගංජා ග්‍රැම් 04යි මිලිග්‍රෑම් 460 ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.


අත්අඩංගුවට ගත් ගංජා වල වටිනාකම රුපියල් 4500ක් පමණ වන බවට ගණන් බලා තිබේ.


සැකකරු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.



Post a Comment