බන්ධනාගාරවලින් රැඳවියන් 100ක් පැනලා ගිහින්ලු?

මේ වසරේ ගතවු කාලය තුළ රැඳවියන් සිය දෙනෙකු පමණ බන්ධනාගාරවලින් මිදී පළාගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලැබු පුද්ගලයින් මෙලෙස පළාගොස් ඇති බවයි.


ඊට අමතරව නඩු කටයුතු සඳහා අධිකරණ වෙත ගෙන යන අවස්ථාවේදීද රැඳවියන් පළායාමේ සිද්ධීන් වාර්තා වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.


පලාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.



Post a Comment