අභිරහස් මළ සිරුරක් හමුවෙයි

ගාල්ල, කන්දවත්ත ප්‍රදේශයේ ඇළක තිබී නාදුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

වයස අවුරුදු 40ක් 45ක් පමණ වන අදාළ මළ සිරුර මේ වන විට කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


දින හතරකට පමණ පෙර ජීවිතක්ෂයට පත්වු මළ සිරුරක් මෙලෙස සොයාගෙන තිබේ.


ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Post a Comment