පොලිස් නිලධාරීන් 2ට ප්‍රහාරයක්

ඌරුබොක්ක, පොලිස් ස්ථානයට අනුයක්ත්ව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකර තිබේ.

ඌරුබොක්ක නගරයේ රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස පහර කෑමට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


ආරක්ෂක හිස්වැසුම් නොමැතිව ධාවනවු යතුරුපැදියක් නතර කර පරීක්ෂා කිරීමේ දී යතුරු පැදිකරු බීමත්ව සිටි බවට අනාවරණය වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබේ.


එහිදී සැකකරු විසින් කොස්තාපල්වරුන් දෙදෙනාට පහරදී තුවාල සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


ඔවුන් දෙදෙනා ඌරුබොක්ක, හිගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විශ්‍රමගිය ගුවන් හමුදා නිලධාරියෙකු බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.


පසුපැදිකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.



Post a Comment