බන්ධනාගාර රැඳවුවෙකු ගෙල වැලලාගනියි

පොළොන්නරුව බන්ධනාගාරයේ රැඳවූවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

බන්ධනාගාරයේ වැසිකිළියක් තුළ දී ඔහු ගෙල වැලලාගෙන මියගොස් සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් අද(23) අලුයම 4.00ට පමණ සොයාගෙන ඇති බව වාර්තා වෙයි.


අදාළ පුද්ගලයා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 35 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Post a Comment