රිය අනතුරකින් එකම පවු‍ලේ සොහොයුරන් 2ක් මරුට

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ කොස්ගම අලුත්අම්බලම ප්‍රදේශයේ දී මෝටර් රථයක් බස් රථයක ගැටීමෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු මියගොස් තිබේ.

අද(23) අලුයම 3.30ට පමණ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.


කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයක් මෝටර් රථයේ ගැටීමෙන් සිදුවු අනතුරෙන් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන්කළ 23 හැවිරිදි සහ 26 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.


ඔවුන් බම්බලපිටිය ලොරිස් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.


අනතුරෙන් බස් රථයේ කිසිවෙකුටත් හානී සිදුව නොමැති බව වාර්තා වෙයි.



Post a Comment