මාළු පෙන්නා ගංජා ඇදලා මාට්ටු

යාපනයේ සිට කොළඹට මාලු ප්‍රවාහනය කරන මුවාවෙන් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මාරවිල පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 200 ක් පොලිසිය බාරයට ගෙන තිබේ.


සැකකරුවන් හලාවත, මයික්කුලම සහ වැල්ල කොලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment