රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ කතක් අල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන රැකියා අවස්ථා මන්ත්‍රී ලේකම්වරු මාර්ගයෙන් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බෙලිඅත්ත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


සැකකාරිය විතාරන්දෙණිය, සිරිකත වාඩිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක වන අතර ඇය වැඩිදුර විමර්ශන සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.



Post a Comment