නොරොච්චෝලේ තෙවන අදියර ඉදිරිදින කිහිපයේදී ක්‍රියාත්මකයි

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියරේ විදුලි ජනක යන්ත්‍රය ඉදිරි දින කිහිපය ඇතුළත ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී එම්.සී වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ වනවිට අදාළ ජනක යන්ත්‍රය පරීක්ෂණ ධාවනයේ යොදවන බවයි.


තෙවන අදියර විවෘත කිරීමත් සමඟ ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් එක්වන බව එම්.සී වික්‍රමසිංහ මහතා පැවසුවේය.


මේ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පසුගිය දා පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ මීළඟ අදියර විවෘත කිරීමෙන් පසුව විදුලි ගාස්තුවද අඩු කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවයි.



Post a Comment