ඛණිජ තෙල් මිල අඩු කළ හැකියි

ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් ඛණිජ තෙල් සංස්ථාවට පවතින බව ඛණිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ඛණිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතින්නේ ආණ්ඩුව විසින් අයකරන බදු හේතුවෙන් බවයි.


නැව් ප්‍රමාද ගාස්තු ගෙවීම්, රාජ්‍ය ආයතන වලින් හිඟ මුදල් නොලැබීම් ආදී කරුණු ද ඉන්ධන මිල පහත දැමීමට බාධාවක් වී ඇති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි.



Post a Comment