බාල වයස්කාරිය සමඟ අඹු සැමියන් ලෙස සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරිවියක මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇය සමඟ අඹු සැමි ඇසුරක් පැවැත්වූ බව කියන 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ආඩිගම - දළුවේගම පදිංචිව සිටි දැරිවියක බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


පැහැර ගැනීමට ලක්වී ඇති දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගත වී සිට ඇති අතර දැරිවිය තම මිත්තණිය බාරයේ සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය කියයි.


තම බාරයේ සිටි මිණිපිරිය දින 10 ක කාලයක සිට ආගිය අතක් නැති බවට දැරිවියගේ මිත්තණිය විසින් ආණමඩුව පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.


ඒ අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති පොලීසිය සැකකරු සහ දැරිවිය හලාවත ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු සමග තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත්, තම නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක ඔහු තමා සමග අඹු සැමි ඇසුරක් පළමු වරට පැවැත්වූ බවත් දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.


ඉන් පසුව සැකකාර පෙම්වතාගේ ඉල්ලීම පරිදි ඔහු සමඟ පළා ගිය බවත්, සැඟවී සිටි කාලය තුළ සැකකරු තමා සමඟ අඹුසැමි ඇසුරක් පැවැත්වූ බවත් දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.


දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර තිබේ.



Post a Comment