ටී.එන්.ඒ. ඉන්දීය විදේශ ඇමතිනී හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් සහ ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

ඉන්දියාවේ සංචාරයක නිරත එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ(22) එරට විදේශ අමාත්‍යවරිය සමඟ සාකච්ඡා පැවැත්වු බව වාර්තා වෙයි.


මෙරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින වත්මන් තත්ත්වය සහ එම ප්‍රදේශවල ජනතාවගේ ගැටලු පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍යවරිය දැනුවත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් නොලැබුණ ද එය ඉටුකිරිම පිළිබඳ රජයේ පොරොන්දු මෙතෙක් ඉටුවී නොමැති බව එම නියෝජිතයින් සාකච්ඡාවේ දී පෙන්වා දී තිබේ.


එමෙන්ම දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය රජය සාධනීය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට එම සන්ධානය විදේශ අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් ද කර ඇති බව වාර්තා වෙයි.



Post a Comment