ලක්ෂ 11ක රත්‍රං රේගුවේ හිරවෙයි

නීති විරෝධී රත්‍රං තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සාහ කළ තිස් පස් හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජංගම දුරකථන දෙකක් තුළ සුක්ෂම ලෙස සඟවමින් ග්‍රෑම් 231ක බරකින් යුත් රන් කැබලි දෙකක් සැකකරු විසින් රැගෙන යාමට උත්සාහ කළ බව රේගුව පැවසුවේය.


රත්‍රං තොගයේ වටිනාකම රුපියල් එකොළොස් ලක්ෂ 55,000ක් පමණ වන බවට ගණන් බලා තිබේ.


සැකකරු කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර ඇති බව රේගු මාධ්‍ය ඒකකය සඳහන් කළේය.


රත්‍රං තොගය රාජසන්තක කර තිබේ.



Post a Comment