පැරකුම් රාජසභා මණ්ඩපය උඩ චීන නැටිලි! - ජාතික උරුමයන්ට හානියක් නැතිද?

විශ්ව රූ රැජිණ තරඟයේ අවසන් වටයට සුදුසුකම් ලැබ දිවයිනට පැමිණ සිටින චීන සූරුපිණියන් 15 දෙනෙකු ශ්‍රී ලංකාවේ දැකුම්කළු ස්ථාන නැරඹීමට කැඳවාගෙන විත් පොළොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන මත සිට චිත්‍රපටියක් රූගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රීකෝණ ව්‍යාපෘතිය මේ සඳහා අවසර දී ඇතැයි සඳහන් වන අතර මෙසේ සිද්ධස්ථාන මත සිට රූගත කිරීම් නීතියෙන් තහනම් කර තිබියදී මෙවැනි චිත්‍රපට නිෂ්පාදනය කිරීමෙන් මෙරට ජාතික උරුමයන්ට සිදුවන හානිය පිළිබඳ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ අවධානය යොමු විය යුතුය.


පොළොන්නරුව පරාක්‍රමබාහු රාජසභා මණ්ඩපය උඩට නැඟ එම චීන සුරුපිණියන් ඊයේ අඩ නිරුවතින් අනඟ රැඟුම් පාන හැටි ඔවුන් සමග පැමිණි කණ්ඩායමක් ඡායා රූප හා වීඩියෝ කරද්දී අප වාර්තාකරුද ඔහුගේ කැමරාවට හසුකර ගැනීමට සමත්ව තිබුණි.


ඡායා රූ - ගාමිණි ඔබේසේකර



Post a Comment