මැතිවරණ පැමිණිලි 51යි

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 51 ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති විශේෂ පැමිණිලි ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තර්ජනය කිරීම් සහ බියවැද්දවීම් සම්බන්ධ පැමිණිලි 06ක් මේ අතර වන බවයි.


මීට අමතරව නීති විරෝධී ආකාරයෙන් පෝස්ටර් , කටවුට් සහ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම් මෙන්ම නීති විරෝධී රැස්වීම් පැවැත්වීම් සම්බන්ධ පැමිණිලි 45ක් ලැබී ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.


මේ අතර ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව සම සංවිධානය වෙත ද පැමිණිලි 38ක් ලැබි ඇති බව මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය පැවසුවේය.



Post a Comment