බඹර ප්‍රහාරයකින් 3ක් රෝහලේ

මස්කෙළිය, මාවුස්සාකැලේ ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයකට ලක්වීමේන් පුද්ගලයින් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඔවුන් අද(23) පෙරවරුවේ මස්කෙළිය ප්‍රදේශයේ පිහිටි දේවාලයක් වැදපුදා ගැනීම සඳහා ගිය අවස්ථාවේ මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පැවැසුවේය.


බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව පියා සහ ඔවුන්ගේ 07 හැවිරිදි දරුවා බව සඳහන් වෙයි.


ඔවුන් මේ වනවිට මස්කෙළිය රෝහලේ ප්‍රතිකාල ලබමින් සිටින බව පොලිසිය පැවසුවේය.



Post a Comment